විෂ මිනිසුන් ගෙන් ගැලවෙන්න
ජීවිතයේ විෂ සහගත සම්බන්ධතා වලින් මිදී ආරක්ෂිතව සහ සුභජිවිතයක විසීමට අවශ්‍ය මාර්ගෝපදේශන
විෂ මිනිසුන් හඳුනාගැනීම
විෂ සහගත මනුෂ්‍ය සම්බන්ධතා ජීවිතයේ සෑම අංශයකින්ම අපගේ මනසට හා සෞඛ්යයට හානිකර විය හැක. මෙවැනි සම්බන්ධතාවලින් ගැලවීමට පළමුව ඒවා හඳුනාගත යුතුය. ප්‍රවේසමෙන් ,සීරුවෙන් කලයුතු කාර්යයක් බව මතක තබාගන්න. ඔබ ඇසුරු කරන්නා කවරෙක්ද යන්න තේරුම් ගැනීම පළමු අවස්ථාවයි.
විෂ සහගත මිනිසුන් බොහෝ විට ප්‍රථමයෙන් හඳුනාගත නොහැකි වන අතර, ඔවුන් ආකර්ෂණීය හා මිත්‍රශීලීව ඔබ සමග සිටිනවා විය හැකිය. දුෂ්කරම තත්ත්වය එයයි. නමුත් පහත ලක්ෂණ විටින් විට ඉස්මතුවෙනම්. ඔබගේ සැලකිල්ල යොමුකරන්න. ඕනෑම කෙනෙකුව හදුනාගැනීමට බියනොවන්න. එනමුත් මුවින් ප්‍රකාශ කිරීමෙන් වලකින්න.
විෂ සහගත චරිතවල ලක්ෂණ
නිරන්තර ඍණාත්මකභාවය
සැමවිටම පැමිණිලිකරුවන් වන අය, සෑම දෙයක්ම නරක ආකාරයට පමණක් දකින අය
අනුකම්පාවේ අඩුව
අන් අයගේ ගැටලු හෝ අවශ්‍යතා පිළිබඳ අවධානය නොදක්වන අය. තමන් ගැන පමණක් සිතන අය.
සීමාවන් ඉක්මවා
ඔබගේ පෞද්ගලික සීමාවන් ගරු නොකරන අය, ඔබගේ සැම දෙයටම අත පොවන අය. ඔබගේ අවසරයකින් තොරව මතක තබාගන්න.
නිරන්තර විවාද
සුළුතරයක් පවා විශාල ගැටුම් බවට පත් කරන අය, නොරුස්සන සුළු , කේන්තිය පිටකරන, පුංචිම දෙයක් ලොකුවට ගෙන කටයුතු කරන අය
විෂ මිනිසුන්ගෙන් ගැලවීමේ ක්‍රම
1 හඳුනාගැනීම
මුලින්ම ඔබගේ ජීවිතයේ විෂ සහගත සම්බන්ධතා හඳුනාගන්න. ඔබට නරක හැඟීම් ඇති කරන අය, ඔබගේ ශක්ති සම්පත් අයිති කරගන්නා අය හෝ ඔබගේ සිතිවිලි නිතර අඩුවෙන් තක්සේරු කරන අය.ඔබව මෝඩයෙකු කරන්න උත්සාහ කරන අය.
2 දුරස්ථභාවය
විෂ සහගත අයගෙන් දුරස්ථ වීමට පටන්ගන්න. මෙය භෞතිකව, මානසිකව හෝ අන්තර්ජාලය හරහා විය හැක. ඔවුන් සමඟ සම්බන්ධ වන්නට සීමිත කාලයක් නියම කරන්න. දින හෝ සති නැතිනම් මාසයකට වරක් සේ දුරස්ථ භාවය ගොඩනගන්න.
3 සීමාවන් ඇති කිරීම
පැහැදිලි සීමාවන් ඇති කරගන්න. ඔබගේ කාලය, ශක්තිය සහ චින්තනීය සාමය ආරක්ෂා කරගන්න. "නැත" යැයි කීම ඉගෙනගන්න. නොවිරුද්ධව , අමනාපනොවී හෝ පුද්ගලයා තේරුම් ගත් බවක් නොපෙන්වා. කාලය නැත හෝ වැඩ ඇත හෝ යන කරුනුකියා සිමාව තබා ගන්න. ඇසුර ඩිංග ඩිංග ඈත් කරන්න.
4 සහය පද්ධතියක් ගොඩනැගීම
ධනාත්මක හා ආධාරක වන අයගෙන් සමන්විත සමාජ සහය පද්ධතියක් ගොඩනගාගන්න. ඔවුන් ඔබට අවශ්‍ය ධනාත්මක ශක්තිය සපයනු ඇත. අප දකින ඇසුරුකරන සෑම දෙනාම විෂ සහිත වූවන් නොවන බව මතක තබාගන්න.

0 Comments