ඇතුලාන්ත බලය
විශාල ජීවිතයක් ගොඩනගා ගැනීමට ඔබේ මානසික ශක්තිය වර්ධනය කර ගන්න
මානසික ශක්තිය වර්ධනය කිරීම
ධනාත්මක චින්තනය
ධනාත්මක චින්තනය ජීවිතයේ අභියෝග සමඟ කටයුතු කිරීමේ ශක්තිය ලබා දෙයි. සෑම දිනකම ධනාත්මක දෙයක් සොයා ගැනීමට ඉගෙන ගන්න. පරදින විට යළි ජයගන්නට අදිටන් කරගන්න. වැටෙන විට නැගිටින්නට සැරසෙන්න. බිය නොවන්න. සෑම දිනකම ධනාත්මක දෙයක් සොයා ගැනීම සදහා නොදන්නා දේ ඉගෙන ගන්න. හොද පොත් සොයාගෙන කියවන්න. තමන්ගේ රහස් තව කෙනෙකු සමග බෙදාගැනිමේදී ප්‍රවේසම් වන්න. හොදම මිතුරෙක් නැතැයි යන සංකල්පය සිතට පමණක් සිමා තියාගන්න එය වචනයෙන් කිසිවෙකු සමග නොකියන්න වග බලාගන්න. අපගේ ජිවිත අභියෝග වලින් පිරුණු , ලැබීමට වඩා නොලැබීම වැඩි , සැපතට වඩා දුක ඇති , කැපිලි කෙටිලි ඇති බව ඇත්තක් උනත් මුහුණදීමට සුදානම් වන්න. නිවසේ , වැඩපලේ , හන්දියේ , කඩේ ලග , නානතොටේ මේ කොතනකදී හෝ යමකට මුහුණදීමට සිදු වුවහොත් කලබල වන්නට උවමනාවක් නොපැමිණිම මානසික ශක්තියේ ලක්ෂණයකි.
ජිවිතය තාවකාලික නිසරු දෙයක් කියා නොසිතන්න. ඔබගේ වටිනාමකම ඔබට නොපෙනුනාට අන් අය ඔබ කවරෙක්දැයි විමසිලිමත් වීම යනු ඔබව දැනගැනීමට කැමැත්තක් ඔහුන් තුල තිබේ යනු එහි අර්ථයයි. ඔබ කවුද? ගුරුවරයෙක් , නිලධාරියෙක් , නායකයෙක්, කාර්මිකයෙක් , ලියන්නෙක් , නිෂ්පාදකයෙක් , ගී රචකයෙක් , කලාකරුවෙක්, හෝ නීති වේදියෙක්, මේ කී නොකී කිනම් කවර හෝ කෙනෙකු වෙන්න. ඉගෙනීම නිසිකලට නිසි අයුරින් කරගෙන පෙර කී තැනකට එන්න ආත්ම විස්වාශය දියුණු කරගන්න. කුඩා දෙයක් වූ වත් කරන්න ලැබී ඇත්නම් එය සතුටින් නිවැරිදිව කරන්න විශ්වාශය දැඩිව අනුගමනය කරන්න. මම පරාදයි ,මට බැහැ එක හරියන්නේ නැහැ , පස්සේ බලමු වැනි සිතුවිලි ඇත්නම්, දැන්ම මේ මොහොතේම වෙනස් කරගෙන නවතාලු වැඩ , සුළු වෙළදාම හෝ නැවත පනගන්වන්න. අළුතින් හිතන්න පරණ දේට අළුත් මුහුණක් දෙන්න. ඔබගේ සැලසුම් කිසිවෙකුට නොකියා ඉන්න වග බලාගන්න. හිතින් ගතින් පිරිසිදුවෙන්න , අලුත්වෙන්න. බලපොරොත්තු තියාගන්න. බලාපොරොත්තුව අළුත් කරන්න. ජය මාවත ඔබ තුලමයි.
ඉලක්කයක් තබා ගැනීම
පැහැදිලි ඉලක්කයක් සහිත වන්න. ඔබට අවශ්ය දේ ලබා ගැනීම සඳහා කුඩාවට කළහැකි දෙයකට පියවර ගැනීම ආරම්භ කරන්න. දැන්ම පටන්ගන්න ප්‍රමාදය ඔබගේ වැඩ පමාවට හේතුවක් වේ. පැහැදිලි ඉලක්කයක් තබාගැනීම සෑම සාර්ථක වූ කෙනෙකුගේම සිතේ තිබු එක් කාරණාවක්. ඔවුන් ඒ තැබූ ඉලක්කය වෙත හබාගෙන ගියෝය. තොම්ෂන් අල්වා එඩිෂන් හොදම උදාහරණයයි. අත් නෑර තමන්ගේ අරමුණ , ඉලක්කය ඉටුවන තෙක් වැඩකිරීම. සෑම සාර්ථක වූ කෙනෙකුම නොකඩවා පරීක්ෂණ , ඉගෙනීම , අත්හදා බැලීම , කරුණු එකතු කිරීම සාකච්චා කිරීම , සමුහ ක්‍රියාකාරිකම් ආදිය කළහ . විටක නිදිවර්ජිතවිය ,විටක අසනීප විය. ආහාර ගැනීම ස්නානය අමතක කළහ. අවසානයේ ලෝකයට නව නිෂ්පාදන , නව අදහස් , ක්‍රම එළිදරව් කළේය. ඉලක්කය හෝ අරමුණ එතරම් වැදගත් වේ. ඔහුන් දවස් ,සති , මාස ,වසර ගනන් උත්සාහ කළහ. ඔබ සොයාගන්නා හෝ හිතේ හට ගන්නා කුඩා දෙයක් අතිවිශාල කර්මාන්තයක් හෝ මුදල් උපයන මාර්ගයක් වීමට පුළුවන.
අරමුණක් තියා ගනිමින් ගමනක් යන්නා ඒ ගමනේ අන්තය දක්වා යනු ඇත. ඔහු කරදර දුක බාධක නොසලකයි. ඉලක්කයන් විවිධය. විවිධ පුද්ගලයන් නොයෙක් සිතුවිලි තුල ජිවත් වෙති. සෑම කෙනෙකුම එකම දේ පසුපස නොදුවති. කෙටි මාර්ග සොයන්නොද , වෙහෙස මහන්සියෙන් වැඩ කරන අයද , වංචා ,සොරකම් කරන අයද , අන් අය යටතේ පමණක් සේවය කරන අයද සිටිති. ඒ අතරට බොරුකාරයන් , කම්මැලියන් , නාස්තිකරයන් නැත්තේ ද නොවේ. ඉහත වර්ගයේ අයට ඉලක්ක හෝ මානසික, ධනාත්මක චින්තනයෙන් , ඇති වැඩක් නැත. ඔහුන් මුදල් උපාය ගැනීම කෙසේ හෝ ක්‍රියාත්මක කරන්නේ අයුතුකම් කරමින්ය. එනමුත් සාධාරණ ඉලක්කයක් තෝරාගෙන ඒ මග යමින් ධනාත්මක චින්තනයකින් තම සිතමෙහෙවා උපයන්නා , නිපදවන්නා , නීතිගරුක තැනැත්තා ඉහත තැනැත්තන්ට වඩා යහපත් ජිවිතයක් ද සමාජයට තම යුතුකමද ඉටුකළ පුරවැසියෙක් වෙනවා. ඔහුගේ ඉලක්ක ගමනත් , අකටයුතුකම්වල ඉලක්ක ගමනත් ඔබට වෙන්කර හදුනා ගන්නට හැකිය.
විෂ සහිත පුද්ගලයන් හඳුනාගෙන කළමනාකරණය කිරීම
විෂ සහිත පුද්ගලයන් හඳුනාගැනීම
විෂ සහිත පුද්ගලයන් නිතර ඔබේ ශක්තිය උරා බොන අයයි. ඔවුන්ගේ චර්යා රටා හඳුනා ගැනීමට ඉගෙන ගන්න. විෂ සහිත පුද්ගලයෙක් හදුනාගැනීම ඉතාම දුෂ්කර කාරණයකි. පිරිමි ගැහැණු අතර සිටින මේ විෂ සහිත අය, ඔබගේ නිවසේ , පාසලේ , කාර්යාලයේ , ගමේ හෝ වෙනත් තැනක සිටින්නට හැකිය. ඇය / ඔහු ඔබගේ සැමියා හෝ බිරිද වීමට හැකි වන අතර දරුවන් සහ සහොදර සහෝදරියන් ද වීමට බැරි නැත. මෙලොව හදුනා ගැනීමට නොහැකි දෙයක් වේනම් ඒ මිනිස් සිතයි. ආදරය කරුණාව මෙන්ම විෂ සිතක උපදී. සිත මොහොතක් මොහොතක් ගානේ වෙනස් වේ සසල වේ. එක් දිනකට නොව තත්පරයෙන් කෝටියකට වරක් සිතුවිලි එයි යයි. මෙය ලියන මා සහ ඔබත් ඒ නීයායට අයත්ය. සිතක් දරුණු වූ විට මෝදර කුණු කන්දට වඩා විශාල ගද ගහන පිලුන් වූ ජරාගොඩකි. සිතේ අනික් පස සුන්දර මිනිසෙකුගේ දෙව් විමානයකී. විෂ පෙව් සිතතත් , ආදරය පිරුණු සිතත් හදුනා ගැනීම අපට ඇති විශාලම අභියෝගයයි.
විෂ සහිත පුද්ගලයන් හඳුනාගැනීමට විද්වතුන් විසින් හෝ ආගමික නායකයන් විසින් සොයාගත් මිනුම් රේඛාවක් නැත. ප්‍රමිතියක් නැත. ශරීර වර්ණයක් නැත. හැඩයක් හෝ පෙනුමක් නැත . ගැමි කියමනකට වාගේ මෙසේය. “මනුෂයෙකු කාලා බලන්න පුලුවන්ද ” යන පිරුල ඉතා වැදගත් අර්ථවත් වේ. ජීවිතය පුරාවටම මිනිසුන් හදුනා ගැනීමට නොහැකිය. ඊටත් වඩා විෂ සහිත කෙනෙකුව හදුනා ගැනීම දුෂ්කර වැඩකි. බුදුන්ගේ ධර්මයට අනුව කෙනෙකුගේ ක්‍රියාව හොද මිනුම් ක්‍රමයකි. එහෙත් මිනිසුන් ක්‍රියාත්මක වන ආකාරය කලින් දැනගැනීමටත් නොහැකිය. මන්ද ඔහු අවස්ථාවාදී වීමයි. ඔබගේ මාගේ හොදම මිතුරා අම්මා, නංගි , මල්ලි නම් හෝ බිරිදනම්, ඔහුන් අපට අගතියක් සිදු නොකරයි. නමුත් අප අද මීඩියා තුලින් දකින පුවත් වල සදහන් කරුණු තුලින් අපව පුදුමයට පත් නොවේද ?, කෝ දරුකම කෝ සහෝදරකම මීඩියාවල පළකරන ඒවා සැබෑ නොවේයැයි බැහැර කරන්නට බැරිය.
මන්ද ඒ මිනිසුන්ගේ නොමිනිස් ක්‍රියා. විෂ සහිත පුද්ගලයන් හඳුනාගැනීමට හැකියාව ඇත්තේ තමන්ටමය. තමන්ගේ අතිශයින්ම යහපත් ගමනට හරස්වන මොනයම් තැනැත්තෙක් වේ ද ඔහු හෝ ඇය විෂ සහිත් කෙනෙක් විය හැකිය. තොම්ෂන් ආල්වා එඩිෂන්ට මහතා ඔහුගේ ගමනේදී විෂ සහිත මිනිසුන් කොතරම් බාධා කලත් ඔහු නොනවතා ආලෝකය සොයාගන ගියේය. අද ලෝකය එහි පල ප්‍රයෝජන ගනිති. ඔහු පසුබට වූවානම් , අප අදටත් අදුරේය. මතක තබාගන්න විෂ සහිත තැනැත්තා ඔබව පස්සට අදින්නටත් විනාශ කරන්නටත් මිස ඔබගේ දියුණුවට ජයගැනීමට අතහිත නොදෙන බව. ඔහුගේ ක්‍රියාවෙන් ඔහුගේ වැඩවලින් ඔහුගේ වචන වලින් , ඔහුගේ සිතුම් පැතුම් හදුනාගෙන ඔහුගෙන් හැකි ඉක්මනින් ඉවත් වෙන්න. කටුස්සෙකු මෙන් පාට වෙනස් කරන , සුන්දර සුරිපී දේහට හෝ දෙබස් වලට නොරැවටී ජය වෙත ගමන යන්න.
සීමාවන් ඇති කර ගැනීම
විෂ සහිත සම්බන්ධතාවලින් ආරක්ෂා වීමට පැහැදිලි සීමාවන් ඇති කර ගන්න. ඔබේ මානසික සුබසාධනය පළමුව තබා ගන්න. පළමු කාරණයනම් සිත පාලනයයි සෑම හොදකට නරකට හේතුවන්නේ සිතය. නොසන්සුන් සිත , කලබල සිත , දුරනොසිතන සිත , නිසා මිනිසුන් ගැහැනුන් කරදර කම්කටළු ප්‍රශ්න සාදාගත්තේය. අපට හමුවන හැම කෙනෙකුම විෂ සහිත අය නොවේ. එවැනි විශේෂ පුද්ගලයන් සමාජයේ සිටි. ජිවත් වන්නේ අප සමගය. ඔහුන් දැක හදුනාගෙන ගමනක් යාම සුබදායක වේ. එවන් කෙනෙකු හදුනා ගත් සැනින් ඔහු / ඇය සමග අමනාප කම් දබර ඇතිකර ගැනීම තරම් අනුවන කමක් තවත් නැත. ඒ අය සමග සිමා තබාගැනීම ඉතාම යහපත්වේ. “ඕනවට වඩා ඕනෑම දෙයක් අගුනවේ “ ජිවිතයේ සෑම කාරණයකදී මේ සිමා ඔබට සතුට සැනසීම ගෙනෙන්නේය. ඔබට සරිලන ඇදුම ඔබ සකසාගන්න ඒ තුල ඉන්න. යැයි කියන්නේ සමාජයෙන් සැබෑවටම සැගවෙන ප්‍රතිපත්තියට නොවේ. ඔබගේ සිත්හි තබන සිමා අන් අයට නොගැලපුනත් එය එයාලාට ගැලපෙන ආකාරයට ගලපා ගන්නට උත්සාහ නොකරන්න. ඔබගේ මනසට සිරුරට එකග නොවන කිසිවක් නොකරන්න. විශේෂයෙන් මතක තබාගන්න. කිසිවෙකුට රිදවීම තමන්ටත් රිදවීමක් බව. සාමකාමී සහජීවනය ප්‍රගුණ කරන්න. ඕනෑ එකටයි නැති එකටයි දෙකටම අතපෙවීම ගැන දෙපාරක් සිතන්න. බියසුළු කමට නොවේ. පරිස්සමට වැඩ කරන්න, සමාජයට වරදක් ආහිතක් කරන්න බියවන්න. ඔබගේ සුරක්ෂිතාව මෙන්ම අන් ඇයගේ ජිවත්වීමේ අයිතියත් සුරකින්න. නොමිලේ ලැබුනත් විස්වාශයක් නැති තැනකින් වතුර බොන්නත් ආහාර ගන්නත් පරිස්සම් වෙන්න. සීමාවන් ඇති කර ගැනීම ඉතාම හොද යහපත් අරමුණකට යන කෙනෙකුට වටිනා මෙහෙවරකට මග පෙන්වයි.
සීමාවන් ඇති කර ගැනීම තුල කිසිදු වරදක් නැත. සිමා මායින් නිසා වෙන්කර හදුනාගැනීම පහසුය. ඉඩමක්, මාර්ගයක් , හෝ කථාවක සිමා නොතිබුනානම් කුමක් වේ දැයි සිතාගන්නට නොහැකිය. සිතකට අසීමිත නිදහසත් නරක ප්‍රථිපල ඇතිවීමට මගකි. සීමාවක් යනු එක්තරා වාරණයකි තමන්ගේ නොහික්මුණු සිතට දොරගුළු ලා වසාගැනීම වරදක් නොවුවත්. එය බියට හෝ ලජ්ජාවට හරවා ගතයුතු නැත. මන්ද ඉන් අනිටු පළ ඇතිවීමට හැකිය. නිර්මාණකරුගේ හිත වරණයට ලක් නොකරයි. කලා කෘතියක වටිනාකම සහ ත්ත්විකත්වය රැ දෙන්නේ ඔහුගේ හෝ ඇයගේ සිත නිදහස් නම් පමණි. මේ සිමාකිරීම එවන් දේ සදහා නොවේ. මිනිස් ඇසුරත් තමන්ගේ සාර්ත්කත්වයේත් ගමනට එල්ලකරන විෂ සහිත වුවන් සිමා කිරීමයි.

0 Comments