මානව ඉතිහාසය

සමාජයේ ගැඹුරු තැන්

මානව ඉතිහාසය

සොරා කන උගතා

උගත් අය සොරකම් කිරීම

උගත් මිනිසුන් සොරකම් කිරීම සමාජයේ අපහාසයට ලක් වන දෙයකි. ඔවුන්ගේ අධ්යාපනික පසුබිම, බුද්ධිමත්භාවය සහ සමාජයේ ගෞරවනීය ස්ථාන නිසා ඔවුන්ගේ සොරකම් වඩාත් අපහසුවෙන් හඳුනාගත හැකිය. උගත් අය සොරකම් කිරීමට හේතු අතර අධික ලෝභය, අයිතියේ හැඟීම, අවිධිමත් තරඟකාරිත්වය, සදාචාරාත්මක අධ්යාපනයේ හිඩැස්, අවස්ථා සහ පාලනයේ අඩුපාඩුකම් සහ සමාජයේ වක්‍ර පණිවුඩ ඇතුළත් වේ.

උගත් අය බොහෝ විට තම බුද්ධිමත්භාවය යොදාගෙන සොරකම් කිරීමේ ක්‍රම අතිශයින්ම සංකීර්ණ හා හොඳින් සැලසුම් කර ඒවා කරයි. ඔවුන්ට තමන් අල්ලාගැනීමේ හැකියාව අඩු බවත් හෝ අල්ලාගත්තද ඉවත් වී යා හැකි බවත් හැඟේ. මෙම "අධි ආත්ම විශ්වාසය" ඔවුන්ව විශාල අවදානම් ගැනීමකට පෙළඹවිය හැකිය. සොරකම උගතා ,දුප්පතා කියා අත්හල නොහැකි සමාජ විරෝධී ක්‍රියාවකි. ගෙදරක, සාප්පුවක , ආයතනයක , ගමක, සොරෙකු සිටිනම් එය එම තැන් නැතිවීම හෝ පාඩු ලැබීමේ පටන්ගැනමයි. කාර්යාලයකින් දවසකට මුද්‍රණ කඩදාසි (A4) දහය බැගින් සොරාට රැගෙන ගියොත් සතියේ දවස් පහට කොළ 50 ක් ද , මාසයකට කොළ 200 පමණ එම කාර්යාලයට අහිමිවේ. එය වසර ගණන්වලට බැලුකළ කොතරම් විශාල සොරකමක් තනි පුග්ගලයෙක් කරතිබේද? ගෙදරක, ගමක , රටක , ආයතනයක , රජයක , සොරුන් සිටිනම්, එම රට රජයන් බංකොලොත් බාවයට , විනාශයට, නැතිනාස්තියට , උග්‍රපරිහානියට යන්නේ යැයි ආගම දහමේත් සදහන්වේ.

උගතුන් සොරකම් කිරීම අතිශේයින්ම කණගාටුවට කාරණයකි. උපාධීලාභි මහත්මයෙක් වංචාවක් හෙවත් සොරම්කමක් නිසා බලධාරීන්ට අසුවීම ශෝචනීයයි. ඔහුගේ නමට , ගමට , ඔහු ජිවත්වනරටට , ඔහුගේ පරම්පරාවන්ට ලැබුන ගරුත්වය කුමක්ද ? මෙවන් උගත් බුධිමත් මිනිසුන් ඔහුන්ගේ වටිනාකම ගැන මොහොතකට නොසිතා ජරාව තම නාමයේ ගාගැනීම අති මහත් උගත් මහත්වරුන්ටත් , දේශයටත් ලැජ්ජාවක් නොවේද? ගෙදර බිරිදගේ සාරිය උගස් කර බුරුගසන නුගත් ගැමියෙකුගේ චරිතයක් වගේද , උගත් මහතයෙක් , තනතුර , බලය , ගරුත්වය , හැකියාව , සමාජ පිළිගැනිම ඇතිව නිලයක් ඇතිව සිටියදී මෙසේ වීම. අධික ලෝභය,අධික තණ්හාව, අධික ආශාව, සැපවිදීමේ කැමැත්ත, වැනි මානසික දුර්වල සිතුවිලි උගත් කමට වඩා ඉස්මතුවූ තැනැත්තා සොරකමට නබුරුවිය.

සොරකම අපරාධයකි ඉන් පාඩු ලබන්නේ කවරෙක්ද නොව , ගෙදරකට , ගමකට , රටකට ,ආයතනයකට වන පරිහානිය මහත්ය. ජාතියකට , සංස්කෘතියකට , ආගමකට , වර්ගයකට , නින්දාවකි. සොරුන් සිටින නිවසක් , ගමක් , රටක් , බහිරලොකයා විස්වාශ නොකරන්නේය. සොරකම හා වංචාව එතරමටම පහතය නින්දිතය. නීතිය යනු ඔබගේ ආරක්ෂාවයි එයට යටින් ඔබ සිටිනාතුරා ඔබ ෂුරක්ෂිතායි. නීතියට ගරුකරන්න නීතිය රකින්න දිවි තිබෙනාතුරා.

මත්වෙන ගැහැණු පිරිමි

මත්ද්රව්ය භාවිතය

මත්වෙන ගැහැණු පිරිමි ගණන කොතරම්ද ? මත් වෙන මිනිසුන්ගේ ප්‍රතිශතය කියාද ? හෝ මත් ගැන (google) සෙවීමක් හෝ වාර්තා සොයාගෙන කියවන්නේනම් මේ විපත්තිය මනාව තේරුම්ගැනීමට හැකිය. මත් වතුර භාවිතය සහ මත්වීමේ ප්‍රවණතාව ලොව පුරා දක්නට ලැබෙන සමාජීය හා මනෝ විද්යාත්මක සංසිද්ධියකි. ලිංග භේදයකින් තොරව සියලුම සංස්කෘති, වර්ග, ජාතින් , මිනිසුන් , ගැහැනුන් බාලවයස් කාරයන් මතට ලොල්වී ඇති සැටි සමාජ තොර තුරු ඔස්සේ මෙම ප්‍රවණතාව නිරීක්ෂණය කළ හැකිය. මුලිකවම මානවයන් මත් වීමට කැමති වන්නේ නිදහස් වීමේ සහ පලායාමේ උවමනාව , සමාජීය බැඳීම් සහ අනුකරණය, සතුට සහ තෘප්තිය අත්විඳීමේ ඉක්මන් මාර්ගය, තවද කුතුහලය සහ නව අත්දැකීම් සඳහා ඇති ආශාව, සහ වේදනාවෙන් මිදීමේ සායනික උවමනාව වැනි හේතු නිසාය.

මත් වීමට ඇති ආශාව යනු ගැහැණු හෝ පිරිමි ස්වභාවයකින් එන ගුණාංගයක් නොවේ. එය මානව ස්වභාවයේම ඇතුළත් වේදනාවෙන් මිදීම, සතුට සොයාගැනීම, සමාජයට අයිති වීම, සහ නිදහස් වීම යන මූලික උවමනා වලට අසාර්ථක හෝ හානිකර ලෙස ප්‍රතික්‍රියාකිරීමේ එක් ආකාරයකි. මත්වීම නිසා සිරුරට ලැබෙන පෝෂණයක් තිබේ දැයි සොයා බැලුවොත් එය එසේ නොවේ. සිරුරට ආහිතකරයක් මිස හිතකර බව කොතකින් හෝ සොයාගත නොහැකිය. මතට හුරුපුරුදු වූ තැනැත්තා ක්‍රමයෙන් දිරා සවිබලය නැත්තෙකුවේ. මොළයේ, අක්මාවේ , සහ රුධිරයේ විනාශය මත නිසා රෝගී වී ජිවිතයෙන් අකලට සමුගැනීමට සිදුවේ. ප්‍රථිපලය දැන දැන හෝ නොදැන ගැහැනුන් මිනිසුන් මේ අවාසනව දෑතින් ගෙන මියයති.

මතට ලොල් වුවන් සදහාත් , මතනිසා රෝගී වූවන්ටත් ප්‍රතිකාරයට විශාල මුදලක් වැයකිරීමට රජයකට සිදුවේ. තව බොහෝ විපත්තිදායක කරණා කරුණු තිබේ. මිනිසා මතට බරවිමම තාමත් තම වර්ගයත් නසාගන්නා ක්‍රියාවකි.

මානව ඉතිහාසය

මානව ඉතිහාසය

මානව ඉතිහාසය යනු කෘතිම ලෙස ලියැවුණු ලියවිලි වලින් පැරණි කාලයේ සිට වර්තමානය දක්වා මානවයාගේ ගමනේ විලාශය , සංකීර්ණ, සහ අඛණ්ඩ කථාවයි. එය යුග ගණනාවකින් යුක්ත වන අතර, සෑම යුගයක්ම එහි අද්විතීය නවෝත්පාදන, අර්බුද, සහ සංස්කෘතික අගයන් මගින් අර්ථ දක්වා ඇත.

මානව ඉතිහාසයේ මූලිකම හැරවුම් සිදු වූයේ කෘෂිකර්මාන්තයේ නවෝත්පාදනය හරහා ය. මෙම වෙනස්වීම ජනගහන වර්ධනය, ගම්මාන සහ නගරවල බිහිවීම, සහ විශේෂිත කාර්යයන් සඳහා හේතු විය. ඉතිහාසය යනු මහා ශිෂ්ටාචාරයන්ගේ උද්යෝගය, වියෝවය සහ විනාශයන් වල කථා පුවතකි. මෙසපොටේමියාව, ඊජිප්තුව, රෝමය, ග්‍රීසිය , ඉන්දියාව සහ චීනය වැනි ශිෂ්ටාචාරයන් රාජ තන්ත්‍ර, නීති සාහිත්‍ය , ගණිතය, විදියව , සහ දර්ශනය වැනි මූලික සංකල්ප බිහි කළහ. ආශිලචාරයේ සිට ශිලචාරයටද , නැගීම සහා බැසිමද, රාජධානි කඩාවැටීම විනාශය ද මානව ඉතිහාසයේ දිගු කතාවකි. මිනිස් පරම්පරාවල විකාශනය සටන් මැද සොබාවික විපත් මැද ආ ගමන වත්මනේ රැදී සිටි. ලංකා ඉතිහාසය , ලෝක ඉතිහාසය කියවන්නෙකුට මිනිසාගේ ගමන් මග චිත්‍රයක් මෙන් මැවී පෙනෙනු ඇත.

අතීත මිනිස් පරම්පරාවල තිබු දුක , වේදනාව , ගැහැට , පීඩාව , නිසා ඔහුන් අලුත් දේ සොයන්නට උත්සුක වුහ. ඒ සෙවීමේ , ගවේෂනයේ , නිපදවීමේ, ඉහලම AI වේදිකාවේ නුතන මානවයා දියුණුවට වඩා පිරිහීම විනාශය ළගා කරගනිමින් සිටි. මෙය ඇත්ත බව ලෝක සහ දේශීය තොරතුරු දන්නා ඔබ පිළිගනු ඇත.

© 2023 සමාජ අධ්යයන වෙබ් අඩවිය. සියලුම හිමිකම් ඇවිරිණි.