අභියෝග වලින් ඉගෙන ගන්න
ජීවිතයේ දුෂ්කරතම අවස්ථා තුළින් අපි බොහෝ දේ ඉගෙන ගනිමු. අභියෝග ආපසු හරවා ගැනීමට බලා සිටින අවස්ථාවල් නොව, ඒවා ඔබව ශක්තිමත් කරන අවස්ථාවල් ලෙස සලකන්න. ප්‍රශ්න වලින් පැනයාම සෑමදාම කළ හැකි දෙයක් නොවේ. කොතරම් උත්සහා කළද ප්‍රශ්නවලින් පනින්න එය ඔබව හබාගෙන එන්නේය. ඔබ දැඩිව හිත පාලනයකර ප්‍රශ්නයට අබියෝගකලොත් ප්‍රශ්නය ඔබව පෙරලගෙන දුවන්නේ නැත. අභියෝග එන තරමට ජීවිතය සවිමත්වේ, බලවත්වේ, ඒක රහසක්.
ජිවත්වීමට ලැබී ඇති සෑම තත්පරයක්ම වීශ්වය අපට දුන්නු දායාදයකි. අපි මේ ලෝකයේ කොටසක් මිස තනිව උපන් අය නොවේ. ප්‍රශ්න හමුවේ හෝ අභියෝග හමුවේ සැලුනත් කදුළු සැලුවත් ඔබට ලැබෙන සහනයක් නැත. ඔබ මේ මහා පොළව මෙන් නොසැලී, අහස මෙන් වෙනස් වෙමින් මුහුද මෙන් ගැබුරු වන්නේ කවදද, අභියෝග ඔබට බියවනු නිසැකය.
අම්මෙක් ,අප්පෙක් නැති විදි දරුවෙක් දිහා බල්ලන්න ඌ අඩන්නේ නැත, දුක් වන්නේ නැත, ඌ සිනාසේ , ගී ගයා නටා උපයාගෙන විදියේ කොනක රෑ නිදා ගනී. ඌට අභියෝග නැද්ද? ජීවත්වීමේ අභියෝගය ඌට තියෙනවා. ඒ මෙලොව උපන් මිනිසෙකි ප්‍රශ්න , කරදර , අභියෝග ගලාගෙන එන්නේ ගගක් වාගේ බව මතක තබාගන්න.
"කඳු මුදුනට යා යුත්තේ පාදයින් නොව, අධිශ්ටනෙන්ය"
වර්ධනය කරගන්න
සෑම අභියෝගයක්ම ඔබට වර්ධනය වීමට හැකියාවක් ලබා දෙයි. ඔබ අභියෝගයවලට බිය නොවන්න, ඒවා ඔබව හැඩගස්වන ආකාරය දැක බිය වන්න. කම්මල්කරු ආයුදයක් තනන්නේ තලා ගිනියම් කර හැඩකර යම් සේද එසේ ඔබව මේ වීශ්වය තලා , ගියම්කර පොඩිකර හදා ලෝකයට ඉදිරිපත් කරන්නේය. ඔබ යම් තරමට මුහුණ දෙන්න සුදානම්ද? ඒතරමටම සෑම අභියෝගයක්ම ඔබකාර පැමිණ ඔබව සවිමත් දිරිමත් කරන්නේය.
අභියෝගයක් නැති, ප්‍රශ්නයක් නැති මිනිහෙක් ගැහැනියක් මේලෝකේ කොතනකවත් නැත. ජීවිතය ජයගත් අය හැමදෙනාම මේ සියල්ල දරාගෙන කළමනාකරණය කරගෙන තම නම තබා ඇත්තේය. සෑම ප්‍රශ්නයක් , දුකක්, කරදරයක් , අභියෝගයක් නින්දාවක් , කදුලක් ලග සිනාවක් සතුටක් ජයක් ඇතිබව සිතන්න. ඒවා එන්නේ ඔබව වර්ධනය කරන්නට මිස විනාශ කරන්නට නොවේ.
මේ වීශ්වයේ හරි පාලුවක් වෙච්ච අපිව නිකම්ම නිකන් මිනිස් පරානයක් වෙලා මැරිලා යන්න දෙන්නේ නැති බව මතක තියාගන්න. මේ විශ්වයට අපෙන් සිදුවිය යුතු යුතුකම ගන්නා තෙක් එය අපව හබාගෙන එනවා ඇත. සමස්ථ ලෝක ජනතාවම යම් පමණකින් එම කරණය ඉටු කරමින් සිටි, අභියෝගවලින් වර්ධනය වන්න.
"සමුදුර සුනඛයා වීමට බිය නොවන්න, ගල් වලින් ගොඩනැගෙන ලොකු රළු රළ ඇති බව මතක තබා ගන්න"
සාර්ථකත්වයේ මාවත
සාර්ථකත්වය යනු අවසාන ගමනේ දිනයක් නොව, දිනපතා ජයග්‍රහණ වල එකතුවකි. කුඩා ජයග්‍රහණ සමග ජීවිතයේ මහා ජයග්‍රහණ වෙත ගමන් කරන්න. යමකින් නිසි ජයග්‍රහණයක් ලබාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. කෙටි මගින් ලබන ජයත් ජයග්‍රහණයක් ලෙස දැක්වුවත් , අයතා ක්‍රමයකින් ලබන ජයත් , ජයග්‍රහණයක්යැයි කිවත් එය නිසි ආකාර ජයක් ද යන්න සලකා බලන්නට ඕනය. සාර්ථකත්වයත් ඒ ආකාරය. සාර්ථකත්වය තමා සතු මුදලින් තීරණයනොවේ. බලය නිසා තීරණයනොවේ.
සාර්ථකත්වය නෙලාගත් බොහෝ තැනැත්තන් මුලින් කි ආකාරයෙන් ධනය , බලය , ඇතිව සාර්ථකත්වය ලබා ජයගත් අය නොවේ. නව සොයා ගැනීම්, ජනතාවට ප්‍රයෝජනාවත් නව නිපැයුම් , සොයාගෙන ලෝකයට අලුත් දෙයක් කළ අය සැබෑ සාර්ථකත්වය අත්කර ගත්තෝය.
සාර්ථකත්වය සොයා යන ගමන සාර්ථක කරගැනීමට අධිෂ්ඨනය , කැපවීම , පුහුණුව , ඉගෙනීම , වාගේම ඉවසීම ද උවමනාය. ලොව ජයගත් උදවියගේ චරිතාපදාන එයාලාගේ චරිත තුල තිබු නායකත්වය අත්නැහැර කටයුතු කළ ආකාර දැනගැනීම ඉතාම වැදගත්ය. ආගම දහමට නැබුරුව , සතුට කරුණාව දයාව සහ සිනාහව, කතාකිරීම, අන් අයට ගරුකිරීම වැනි උසස් ගුණාංග මිනිසෙකුට සතුටින් සාමයෙන් ජීවිතය ගෙනයාමට ඇති බලවත් මෙවලම්ය. සාර්ථකත්වය ද කැප වීමකින් ලගාකර ගන්නනට ඕනය
"සාර්ථකත්වය යනු ගමනේ අවසානයේ නොව, ගමනේම කොටසකි"
ඉලක්ක තබා ගන්න
මහා ඉලක්ක රැසකට එකවර යාමට උත්සාහ නොකරන්න. එක් එක් පියවර ගෙන යන අතරතුර, ඔබේ අරමුණු කෙරේ අවධානය යොමු කරන්න. හදිසිය කලබලය ඉලක්ක ජයගැනීමට ඇති බධාවන්ය. අරමුණක් නැතිව, ඉලක්කයක් නොමැතිව කරන්නන් වාලේ යමක් නොකරන්න. ඔබගේ අරමුණ ඔබව එතනට ගෙනයන්නේ ඔබ එයට දෙන පෝෂණය අනුවය. ඔබේ ඉලක්කය ඉගෙනගැනිමද , එයට අදාළ සැමදේම කරන්න . දක්ෂ ගුරුවරුන් ගේ මග පෙන්වීම ගන්න. තොරතුරු රැස්කරගන්න . කියවන්න , පාඩම් සකස් කරගන්න, ලියන්න, භාෂාවන් ප්‍රගුණකරන්න. ජිවිතයේ ඉගෙනීම හා අත්දැකීම යන දෙක මිතුරන් දෙදෙනෙක් වැනිය. සජීවී මිතුරන්ට වඩා මෙම නොපෙනෙන මිතුරන් දෙදෙනා ඔබව ඔබ යායුතු ගමනාන්තය දක්වා ගෙනයනු ඇත. ඉගෙනීම සහ විමර්ශනය, ඉගෙනීම සහ පරීක්ෂණය, ඉගෙනීම සහ තර්කය ඔබගේ මනසින් ප්‍රගුණ කරන්න පුරුදු පුහුණු කරන්න. ඉලක්ක හබාගෙන යන්නාට එය මහාත් බලයක් සපයනු ඇති. උදාහරණයක්, ඔබ O/L ඉහළින් සමත්වීමට තබාගන්නා ඉලක්කය සදහා පොතක් පාඩම් නොකර, විෂයන් ගේ කරුණු ගැන දැනුමක් නැතිව, ඔබගේ කාලය ශ්‍රමය ඉගෙනීම වෙනුවෙන් කැප නොකර ඔබට O/L ඉහළින් සමත්වීමට හැකිද? එවැනි කෙනෙකුගේ අසමත් වීම ඉතාම භයානකය. ඔහු හෝ ඇය ජිවිතයේ කටුකත්වය හා විනාශයේ මග යන්නෙකු බවට පත්වීම කිසිවෙකුට වලක්වා ලන්නට නොහැකි වන්නේය. එනිසා දැන්ම ඉලක්කයක් හෝ අරමුණක් තබාගෙන ගමන පටන් ගන්න
"මහා ගඩොල් බිල්ඩිමක් හැදෙන්නේ කුඩා කුඩා ගඩොල් කැබලි වලින්"
ධනාත්මක චින්තනය
ධනාත්මක චින්තනය ජීවිතයේ සියලුම අභියෝග සමථ කිරීමේ යතුරයි. ඔබේ මනස ධනාත්මක චින්තනයෙන් පුරවා ගන්න, ජීවිතයේ ධනාත්මක දේවල් ඔබ වෙත ආකර්ෂණය වේ. ඔබේ සිතිවිලි ඔබේ ජීවිතය හැඩගස්වයි, එමනිසා ඒවා ධනාත්මකව තබා ගන්න" මේ උප වගන්තිය පහතින් රතුපාටින් සදහන් කර ඇත. සිතුවිලි නොනැවතී එන යන එක මිනිස් උපතේ සිට විපත දක්වා ගමන් කරන ස්වඋත්පාදන ක්‍රියාවකි. එය කිසිවෙකුට නතර කරන්නට නොහැකි ක්‍රියාදාමයක් බව මතකයට ගන්න. හිත යකාගේ කම්මල කියා කියමනක් තිබේ. හිතතුල රෝපණය කරන සහා ඉබේ රෝපණය වන සිතුවිලි ගණන් කළ නොහැකි ප්‍රමාණයක් එති යති. මේ හිත කියන, යෝජනාකරන සෑම දේම මිනිසෙකුට කලනොහැකිය. මේ හිත වැරදි දේත් , නපුරු දේත් ඉක්මනින් කරන්න යෝජනා කරයි. නමුත් යහපත කරන්නට ඉඩනොදෙයි. ඉගෙනීමට වඩා දුරකතනයට, කියවීමට වඩා නරක පින්තුර බලන්නට, ආදරයට වඩා නපුරුකමට, දීමට වඩා ලෝබකමට , මේවගේ රින සිතුවිලිවලට හිත යන වේගය වැඩිය. ඇත්තටම හිත පාලනය කිරීම සහ වැඩකරගැනීම යන දෙක හරියටම පාලනය වුවොත් ජය ගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. සිත ධනාත්මක වීමටනම් එයට පැහැදිලි ජලය මෙන්, පිරිසිදු ගුණාත්මක කිරි මෙන් වූ දේ ඇතුලත් කළ යුතුමය. බොරුව , වංචාව , ඉරිෂියාව , ක්‍රෝධය , වෛරය , පලිගැනීම, සොරකම, කාමය , වැනි රින තියන සිතකට ධනාත්මක චින්තනය ලගාකර ගැනීම එම පුද්ගලයාට තාක්ෂණික උපකරණයකින් කළහැකි දෙයක් නොවේ.
"ඔබේ සිතිවිලි ඔබේ ජීවිතය හැඩගස්වයි, එමනිසා ඒවා ධනාත්මකව තබා ගන්න"
මනසේ ශක්තිය
ඔබේ මනස ශක්තිමත් කිරීම ජීවිතයේ සෑම අභියෝගයකටම මුහුණ දීමට උපකාරී වේ. දිනපතා ධනාත්මක චින්තනය සහ ස්තුති කිරීමේ පුරුදු ඇති කර ගන්න. ජිවිත කාලය පුරාවටම ඔබ කී දෙයක් සදහා ස්තුති කර තිබේද? අහසට, පොළවට, වැස්සට, සුළගට, සොභාවික දේට ස්තුති කියා තිබේද? කෑමට, බිමට, ජලයට , ගොවියාට , බිරිඳට , ගෙයට, ගස්කොලන්වලට ස්තුති කියා තිබේද? නැත ඔබ එසේ කර නැත. මනසේ ශක්තිය සදහා විශ්වයත් අවට පරිසරය අපට උපකාර කරන බව ඔබ දන්නවද? දුම්පානය, මත්වතුර , නොගතයුතු කෑම , විකාර හුරුපුරුදු ඔබගේ මානසික ශක්තිමත්කම නැතිකරයි. ඔබව රෝගියෙකු, අපරාධකාරයෙකු, මෝඩයෙකු, හිගන්නෙකු කරන්නේ ඔබගේම මනසයි. හිගන්නෙකු කියන්නේ ඉන්න තැනක් නැති, කන්න අදින්න නැත්තෙකු පමණක් නොවේ. මානසික හිගන්නාත්, එවැනිම දුගියෙකි. මානසිකව පොහොසත කිසිවෙකු අන්අයට ආවැඩක් නොකරයි. අවමන් , හිංසා නොකරයි. ඔහු උදාර උසස් ගුණාංග ප්‍රගුණකළ පව පින හදුනන්නෙක් වේ. මනසේ ශක්තිය රැකගනිමට ,වර්ධනය කරගැනීමට නම් සිතුවිලිවල පුර්ණ වෙනසක් තමා විසින්ම කරගන්නට ඕනෑය. ඇස කන යන ඇතුළු කරන්නන් දෙදෙනාව පාලනය කරගැනීම, සොරකම්, මිනීමැරුම්, ත්‍රාසය තැතිගැනීම ,සත්ව ඝාතනය , වැනී වීඩියෝ, පොත්පත් කියවීම්, කාමය , නිරුවත් දර්ශන නැරබීම වැනී දේ ඈත් කරන්න. ශක්තිමත් මනසක් උදෙසා තමන්ට වටිනා සිතට රසයක් ගෙනෙන සංගීතය, ජිවිතයේ අත්දැකීම් පිරුණු චරිත කතා , කවි දෙබස් , නැටුම් , කලාව , චිත්‍ර වැනී වින්දනයක්, රසයක් ,අර්ථයක් ඇති දේ සොයාගන්න.
"ශක්තිමත් මනසක් ජීවිතයේ ඕනෑම කඳුකරයක් ජය ගත හැකිය"
0 Comments